Ticker

6/recent/ticker-posts

Header Ads Widget

Matchstickmen (2003) Sinhala Subtitles | වංචාකරුවෙකුගේ සොඳුරු නිමාව

 

 Matchstickmen (2003) Sinhala Subtitles | වංචාකරුවෙකුගේ සොඳුරු නිමාව


Matchstickmen (2003) Sinhala Subtitles


IMDB අගය 7.3/10 ලෙස සඳහන් වෙන මේ චිත්‍රපටයේ ප්‍රධානම චරිතය කියනවාට වඩා මම කැමතියි චරිත තුන කියලා කියන්න,
 මොකද, cover photo එකෙන්ම ඒක අපිට පේනවනේ, ඒ තමා ප්‍රධාන චරිත වලින් අපිව පින්වන 
                                                           *නිකලස් කේජ්.  
                                                           *ඇලිසන් ලෝමන්
                                                           *සෑම් රොක්වෙල්
2003 සැප්තැම්බර් 12 release උන මේ චිත්‍රපටය,
විනාඩි 116ක් දිවෙන අතර, මේක නිර්මාණය කරන්න දළ වශයෙන්  $62,000,000 වියදමක් දරන්න වෙලා තියෙනවා, 
වගේම පළමු සතියේ පමණක් $13,087,307 ක් උපයලත් තියෙනවා (මට ලැබුණු තොරතුරු අනුව). එතකොට ඉතිං හිතාගන්න පුළුවන්නේ ආදායම,
ඒ මොන දේවල් තිබුණත් අපිට වැදගත් වෙන්නෙ කතාව රසවිඳින්න පුළුවන්ද කියන එකනෙ නේද :-)
මේකෙන් ප්‍රකාශ වෙන්නේ ඇත්තටම අපිට උනත් වෙන්න පුළුවන් දෙයක් කිව්වොත් හරි. තෑග්ගක් දිනුවා කිව්වම කවුද සතුටු නොවෙන්නෙ නේද :-) 
ඒක තමා මේකෙ ඉන්න වංචාකාරෙයා ගොදුර අල්ල ගන්න පාවිච්චි කරන උපක්‍රමය, 
හොරවැඩටම උපන් හපනකම් ඇති ජාඩියට මූඩිය වගේ කදිම සගයො දෙන්නෙක් ඉන්න නිසා ගොදුරු අල්ලගන්නත් ලේසි වෙනවා.
ඒකට හරියන.... එක්කො බලලම ඉන්නකො නැත්තම් ඔක්කොම ටික මම කිව්වම රසයක් නැති වෙනවා. :-) 
ඇත්තම කිව්වොත් පළවෙනි පාර ඔහේ බලාගෙන ගියාට සීන් එක තේරෙන එකක් නැතිවෙයි, මොකද සමහර කොටස් තේරෙන්නේ මුළු චිත්‍රපටියම බැලුවම තමා, 
නැත්තම් ඉතිං ආපහු බලන්න වෙනවා, ඒක නිර්මාණකරුවාගේ උපක්‍රමයක්ද දන්නෑ දෙපාරක් බලවන්න කරපු. :-)
ඔයාට හිතෙන්න පුළුවන් එකම film එක දෙපාරක් බලන්න පිස්සුද කියලා :-) එහෙම නෙමේ, බලලම ඉන්නකෝ ඔයාටත් ආයෙ පාරක් බලන්න ඕන කියලා හිතෙයි.
මේක ටිකක් පරණ film එකක් උනාට මටත් මේක ළඟදි තමා බලන්න ලැබුණෙ. ඒ මගේ යාළුවෙක්ගෙන්, 
චිත්‍රපටයේ විස්තරේ කිව්වොත් නම් ඉතිං බලලා රසවිඳින්න බැරි වෙනවනේ. ඒ නිසා මම වැඩි දෙයක් කියන්නෙ නෑ. 
මාතෘකාවෙන්ම තේරෙනවා ඇතිනේ මොන වගේ කතාවක්ද කියලා, වංචාකාරයෙක් සුන්දර වෙන්නෙ කොහොමද කියලා දැනගන්න නම් බලන්නම වෙනවා...
එහෙනම් රසවිඳලම ඉන්නකෝ.....!
මට බැනලා හරි කමක් නෑ comment එකක් දාන්න පුළුවන්නම් වටිනවා. 
ස්තුතියි!

😍 දැන් ඔයාට පුළුවන් කැමතිනම් විතරක් උපසිරසි නිර්මාණය කිරීම වෙනුවෙන් ඔයා කැමති මුදලක් අපිට පරිත්‍යාග කරන්න. ඔයා Online Order කරන්න භාවිත කරන Debit\Credit කාඩ් එකෙන්, එහෙමත් නැත්තම් PayPal එකෙන් වගේම Crypto-Currency වලින් උනත් එවන්න පුළුවන්. 😊 ඒකට කරන්න තියෙන්නේ මේ "Buy me a Coffee" Link එක හරි Menu bar එකේ තියෙන Donation button එක හරි ඔබලා ඊට පස්සේ පරිත්‍යාග කරන්න කැමති ගාණ ‌ඩොලර් වලින් තෝරලා ඊළඟ පිටුවට ගිහින් Debit\Credit කාඩ් එකේ හරි PayPal එකේ හරි විස්තර දීලා ‌ගෙවීම කරන්න පුළුවන්. අවශ්‍ය නම් පියවර ටික වගේම තවත් විස්තර Donation පිටුවේ දාලා තියෙනවා.

පුංචි ඉල්ලීමක්, මේ විදියට ඔයාලට රසවිඳින්න උපසිරසි හදලා දෙනනේක වෙනුවෙන් උඩ කියලා තියෙන විදියට අපිට Donation කරන්න බැරි උනත් ඔයාට පුළුවන් Download Button එකට උඩින් තියෙන ඇඩ් එකක් කලික් කරලා මට උදව්වක් කරන්නත්. (ඇඩ් එක කලික් කරා කියලා ඔයාට කිසිම හානියක් වෙන්නේ නෑ. ඇඩ් එක ටිකක් ලෝඩ් වෙන්න දීලා බැක් වෙන්න.😊 එතකොට ඒ ඇඩ් එක දාපු අයගෙන් මට සත ගාණක් එකතු වෙනවා.) 

ස්තුතියි!


Post a Comment

0 Comments