Private Valentine: Blonde & Dangerous (2008) ඇමරිකාවේ ආදරවන්තිය
ඉතිං යාළුවනේ වැලන්ටයින් දවසේ ඒකටම හරියන නමක් තියෙන චිත්‍රපටියක් මගේ දෙවනි උපසිරසි නිර්මාණය විදියට තෝරගත්තා. ඒ තමා Steve Miner ගේ 14 වන වගේම දැනට (2018 පෙබරවාරි 14) අවසන් අධ්‍යක්ෂණය වෙන Private Valentine: Blonde & Dangerous (2008) කියන චිත්‍රපටිය. Chris Bender ඇතුළු නිෂ්පාදක මණ්ඩලයේ 14 දෙනෙකුගෙ ඩොලර් මිලියන 30ක වියදමින් නිෂ්පාදනය වෙලා තියෙන මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය වන මෙගන් වැලන්ටයින් ගෙ චරිතයට පණ පොවන්නේ ජනප්‍රිය නිළියක් වගේම ගායිකාවක් වන Jessica Simpson. මේ චිත්‍රපටියේ IMDb අගය 4.3/10 ක් තමා තියෙන්නේ, මේක USA වල Private Valentine: Blonde & Dangerous විදියට තිරගත උනාට මේකෙ මුල් නම “Major Movie Star” මේ චිත්‍රපටිය මුලින්ම තිරගත වෙලා තියෙන්නෙ 2008 නොවැම්බර් 7 ඒ බල්ගේරියාවෙදි. විනාඩි 98ක් එහෙමත් නැත්තම් පැය එකයි විනාඩි තිස් අටක් දිවෙන මේ චිත්‍රපටිය රටවල් 11ක තිරගත වෙලා තියෙනවා.
ඒ තොරතුරු කොහොම උනත් අපිට වැදගත් වෙන්නේ කතාව ලස්සනයිද, මොකක්ද වෙන්නෙ වගේ දේවල්නෙ නේද, 😊 මෙහෙමයි, මෙගන් කියන බොහොම සැපවත් ජීවිතයක් ගත කරන නිළියගේ ජීවිතය ගෙවෙන විදියෙන් තමා චිත්‍රපටිය ආරම්භ වෙන්නේ. ඒක බලනකොට තේරෙයි ඒ ජීවිතේ කොච්චර විනෝදයිද වගේම කටුකයිද කියලා. කොච්චර සල්ලි තිබ්බත් සතුටින් ඉන්න පුළුවන්ද කියලත් මේ චිත්‍රපටිය බැලුවම තේරෙයි කියලා හිතනවා.
මෙගන් කියන්නෙ බොහොම ජනප්‍රිය නිළියක්, ඉතිං ඒ ජනප්‍රියත්වයත් එක්කම මඩ ගහන අය, එහෙමත් නැත්තම් හතුරොත් ඇති වෙනවා. ඒ වගේම මෙගන්ට ඉන්නවා පෙම්වතෙක්, එයාගෙ නම ඩෙරික් ඒ ගැන නම් මම වැඩිය මුකුත් කියන්න යන්නෑ ඒ පෙම් කතාවට වෙන්නේ කවුරුත් නොහිතන දෙයක්. තව එතකොට එයාට ඉන්නවා සෑහෙන අවංක 😊 මස්සිනෙක්, කොහොමහරි මෙගන්ට කොච්චර සල්ලි තිබුණත්, ආදරය ලැබුණත් ඒ ඔක්කොම එක රැයෙන් අවසන් වෙනවා කිව්වොත් ඔයාට විශ්වාස කරන්න පුළුවන්ද, ඒ වගේම ඩෙරික්, ඒ කියන්නෙ මෙගෙන්ගෙ පෙම්වතාවත් එයාට නැති වෙනවා. ඒ කොහොමද කියලා නම් චිත්‍රපටිය බලලම දැනගන්න ඕන.
කොහොමහරි මෙගන් අහම්බෙන් වගේ හමුදාවට බැඳෙනවා, ඊට පස්සෙ තමා ඉතිං හොඳම හරිය තියෙන්නේ, එහේදි මෙගන්ට එකේක විදියෙ අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම එයාට මුලදි තනියම කොන්වෙලා වගේ ඉන්න උනත් පස්සෙ නියම යාළුවෝ සෙට් එකකුත් සෙට් වෙනවා. යාළුවෝ විතරක් නෙමෙයි එහෙත් මෙගන්ට විරුද්ධ එහෙම නැත්තම් ගේමටම ඉන්න අයත් හම්බෙනවා. ඔහොම කාලෙය ගතවෙන කොට අහම්බෙන් හමුදාවට බැඳුන මෙගන්ට අහම්බෙන් තව විශේෂ කෙනෙක් හම්බෙනවා. මම මුළු කතාවම ඔයාලට මෙතනදි කිව්වම ඔයාලා බලන්නෙ මොකක්ද නේද, එහෙනම් මම නවතිනවා. මම හිතනවා ඔයාලා මේ චිත්‍රපටිය හොඳට රසවිඳියි කියලා.
😍 දැන් ඔයාට පුළුවන් කැමතිනම් විතරක් උපසිරසි නිර්මාණය කිරීම වෙනුවෙන් ඔයා කැමති මුදලක් අපිට පරිත්‍යාග කරන්න. ඔයා Online Order කරන්න භාවිත කරන Debit\Credit කාඩ් එකෙන්, එහෙමත් නැත්තම් PayPal එකෙන් වගේම Crypto-Currency වලින් උනත් එවන්න පුළුවන්. 😊 ඒකට කරන්න තියෙන්නේ මේ "Buy me a Coffee" Link එක හරි Menu bar එකේ තියෙන Donation button එක හරි ඔබලා ඊට පස්සේ පරිත්‍යාග කරන්න කැමති ගාණ ඩොලර් වලින් තෝරලා ඊළඟ පිටුවට ගිහින් Debit\Credit කාඩ් එකේ හරි PayPal එකේ හරි විස්තර දීලා ගෙවීම කරන්න පුළුවන්. අවශ්‍ය නම් පියවර ටික වගේම තවත් විස්තර Donation පිටුවේ දාලා තියෙනවා.
පුංචි ඉල්ලීමක්, මේ විදියට ඔයාලට රසවිඳින්න උපසිරසි හදලා දෙනනේක වෙනුවෙන් උඩ කියලා තියෙන විදියට අපිට Donation කරන්න බැරි උනත් ඔයාට පුළුවන් Download Button එකට උඩින් තියෙන ඇඩ් එකක් කලික් කරලා මට උදව්වක් කරන්නත්. (ඇඩ් එක කලික් කරා කියලා ඔයාට කිසිම හානියක් වෙන්නේ නෑ. ඇඩ් එක ටිකක් ලෝඩ් වෙන්න දීලා බැක් වෙන්න.😊 එතකොට ඒ ඇඩ් එක දාපු අයගෙන් මට සත ගාණක් එකතු වෙනවා.)
ස්තුතියි!




0 Comments