ඉතිං මේ එපිය ගැන කියනවා නම් ඔයාලට මතක ඇති පළවෙනි එපියෙදි ට්‍රැවිස්, නික්, ලිසී හිරකරගෙන හිටපු ඒ වගේම ඇලීෂියි එයාගේ අම්මාවත් තියාගෙන හිටපු කඳවුරෙන් එයාලාට පැනගන්න අවස්ථාව ලැබුනා කඳවුරේ ප්‍රධානියාගේ අයියා වෙන ජේක් නිසා. ඔයා පළවෙනි එපිය බැලුවේ නැත්නම් ඒක බලලා ඉන්න. එපිය හොයාගන්න අමාරු නම්, (වගේම Whatsapp Unlimited data package එකක් තියෙනවා නම් තවත් හොඳයි.) Contact Us පිටුවට ගිහින් මට text එකක් දාන්න.
ඉතිං නික්ගේ පවුලේ හැමෝටම එකටම බේරිලා යන්න නම් ලැබෙන්නේ නෑ. මොකද සොම්බි ඇවිත් පහරදෙන්න පටන්ගන්න නිසා, ඉතිං කට්ටියක් හෙලිකොප්ටර් එකකිනුත්, අනිත් කට්ටිය වාහන වලිනුත් යන්න පටන් ගන්නවා. ඇත්තටම එයාලව කොහෙට ගෙනියයිද, මොනවා කරයිද, දෙගොල්ලොම එකම තැනට ගෙනියයිද කියලා දැනගන්න නම් මේ එපිය බලන්නම වෙනවා. ඒ වගේම මතක ඇති ස්ට්රැන්ඩ්ව, එයාටම අමුතුම ගැටළු කීපෙකටම මූණ දෙන්න වෙනවා මේ එපියෙදි. ඉතිං තවත් දිගට විස්තර කරන්න අවශ්‍ය නෑනේ මේක බලලාම ඉමු. ඉතිං එහෙනම් මම නවතිනවා. කතාව ඔක්කොම කිව්වම බලන්නේ මොකක්ද නේද,
තව දෙයක් කියන්න බැරි උනා මගේ ළඟ තිබුනේ Fear.The.Walking.Dead.S03E02.480p.web Copy එක, ඒකට අදාළ වෙන විදියට තමා Subtitle හදලා තියෙන්නේ, තව Fear the Walking Dead_3x02_HDTV.SVA Copy එකට ගැළපෙන විදියට වෙනම තව subtitle file එකක් zip file එක ඇතුලේ ඇති. Zip එකෙන් Subtitle එක ගන්න විදිය දන්නවා කියලා හිතනවා, මොකක්හරි ගැටළුවක් උනොත් Contact Us එකෙන් text එකක් දාන්න.
😍 දැන් ඔයාට පුළුවන් කැමතිනම් විතරක් උපසිරසි නිර්මාණය කිරීම වෙනුවෙන් ඔයා කැමති මුදලක් අපිට පරිත්‍යාග කරන්න. ඔයා Online Order කරන්න භාවිත කරන Debit\Credit කාඩ් එකෙන්, එහෙමත් නැත්තම් PayPal එකෙන් වගේම Crypto-Currency වලින් උනත් එවන්න පුළුවන්. 😊 ඒකට කරන්න තියෙන්නේ මේ "Buy me a Coffee" Link එක හරි Menu bar එකේ තියෙන Donation button එක හරි ඔබලා ඊට පස්සේ පරිත්‍යාග කරන්න කැමති ගාණ ඩොලර් වලින් තෝරලා ඊළඟ පිටුවට ගිහින් Debit\Credit කාඩ් එකේ හරි PayPal එකේ හරි විස්තර දීලා ගෙවීම කරන්න පුළුවන්. අවශ්‍ය නම් පියවර ටික වගේම තවත් විස්තර Donation පිටුවේ දාලා තියෙනවා.

![FEAR THE WALKING DEAD [S03 : E02] We All Fall Down Sinhala subtitle FEAR THE WALKING DEAD [S03 : E02] We All Fall Down Sinhala subtitle](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg_61LwA-TbxxxZULCuej3YdVnIC2nmDO-bp6NVBbxgwWNKKwJQISUd4djNffxaROH9oZjiSkO3F4E__DFRmqZNn170CtQpIDZD0vEZ85nKEcwHfxbroU4pphUNAZLLOdptADD4hYfkywI/s16000/FEAR+THE+WALKING+DEAD+%255BS03++E01%255D+Monster+Sinhala+subtitle.jpg)


2 Comments
ටිකක් නෙමෙයි ගොඩක් කල්. අවුරුදු 2 ක් ගිහින්. ඉතුරු ටික ඉක්මන්ටම දෙන්න. ස්තූතිය.
ReplyDelete😉 ඔව් FTWD සීරීස් එක නම් ඇවිත් සෑහෙනකල්. මම පළවෙනි එපියට Subtitle එක දැම්මේ ජනවාරිනේ ඒකයි ටිකක්කල් කිව්වේ.
Deleteඊළග කොටස් ටිකටත් ඉක්මනටම දෙන්නම්!