Ticker

6/recent/ticker-posts

Header Ads Widget

FEAR THE WALKING DEAD [S03 : E04] Sinhala subtitle | සිංහල උපසිරිසි සමඟ

FEAR THE WALKING DEAD [S03 : E02] We All Fall Down Sinhala subtitle

කලින් Episodes ටික බැලුවා නම් ඔයාට මතක ඇති Fear The Walking Dead Season 03 Episode 03 එකේදි නික් ඇතුලු පවුලට මොන වගේ දේවල් වලටද මූණ දෙන්න උනේ වගේම වික්ටර් එයාගේ පරණ යාළුවෙක්ව හම්බෙන්න ගියා ඉතිං මුලින් හොඳ පිළිගැනීමක් ලැබුනේ නැතත් මිනිහා යන්තම් පණ බේරගත්තා 😂 ඉතිං මේ Episode එකේදි ඒ කියන්නේ Fear The Walking Dead Season 03 Episode 04 එකේදි වික්ටර්ගේ යාළුවගේ ගති පැවතුම් ගැන හොඳ අවබෝධයක් ලැබෙයි. ඒ වගේම අපි මෙච්චර දවස් මැරිලා කියලා හිතන් හිටපු කෙනෙකුත් මේ එපියෙදි අපිට දැකගන්න ලැබෙනවා. ඒ කවුද කියලා කියන්නේ නෑ... මුල ඉඳන් මේ එපිය බලන්නකෝ එතකොට ඔයා පුදුම වෙයි. 🙂 මේ විදියට මේ උපසිරසියත් ඔයාලට අරගෙන එන්න ලැබුන එක ගැන සතුටුයි. මොකද කලින් Episodes වල Subtitles ටිකත් වැඩි දෙනෙක් Download කරගෙන තිබුනා. ඉතිං පුළුවන් නම් Comment එකක් දාගෙන යන්න හොඳ නරක ගැන!

කතාව ගලාගෙන යන විදිය ගැන පොඩි අදහසක් එන්න ඇතිනේ ඉතිං මේ TV Series එක මුල ඉඳන්ම බලනවා නම් තමා ඔයාට සම්පූර්ණ අදහසක් එන්නේ මේ මොකක්ද වෙන්නේ කියලා. ඉතිං ඔයා කලින් Episodes ටික බැලුවේ නැත්නම් ඒ ටික බලලා ඉන්න. එපි ටික හොයාගන්න අමාරු නම්, (වගේම Whatsapp Unlimited data package එකක් තියෙනවා නම් තවත් හොඳයි.) Contact Us පිටුවට ගිහින් මට text එකක් දාන්න. 

මේ Episode එකේ English Subtitle file එකක්වත් හොයාගන්න තිබුනේ නෑ මොකද මේ එපියේ වැඩිහරියක් කතා වෙන්නේ English වලින් නොවෙන නිසා Episode එකේම English Subtitle එක වැටෙනවා. ඉතිං සිංහලෙන් උපිරසි හදන කෙනෙක් නම් දන්නවා ඇති english Subtitle file එකක් තිබුනා නම් වැඩේ ටිකක් ලේසි බව, මොකද එතකොට dialog වල time එක හරියට තියෙන නිසා ඒත් මේ Episode එකේ හැම දෙබසක්ම time බල බල එයිප් කරන්න උනේ. ඉතිං ඒ නිසා මේ Episode එකට වැඩිපුර කාලයක් වැය කරන්න උනා වගේම අනිත් ඒවාට වඩා වැඩේ ටිකක් සංකීර්ණ උනා. කොහොමහරි කමක් නෑ උපසිරිසිය හදලා ඉවර කරා. ඒ මහන්සියට වටිනකමක් දෙන්න හිතෙනවා නම් පහළ මගේ ඉල්ලීම ගැනත් ටිකක් සලකා බලන්න... තව දෙයක් කියන්න බැරි උනා මගේ ළඟ තිබුනේ Fear.the.Walking.Dead.S03E04.480p.mkv Copy එක, ඒකට අදාළ වෙන විදියට තමා Subtitle හදලා තියෙන්නේ, තව Fear the Walking Dead - 3x04 - 100.HDTV.SVA Copy එකටත් ඒකම ගැළපෙනවා. Zip එකෙන් Subtitle එක ගන්න විදිය දන්නවා කියලා හිතනවා, දන්නේ නැත්නම් FAQ වලින් බලාගන්න පියවරෙන් පියවර Phone එකකින් හෝ Computer එකකින් කරන විදිය දාලා තියෙනවා. ඉතිං මොකක්හරි ගැටළුවක් උනොත් Contact Us එකෙන් text එකක් දාන්න.

😍 දැන් ඔයාට පුළුවන් කැමතිනම් විතරක් උපසිරසි නිර්මාණය කිරීම වෙනුවෙන් ඔයා කැමති මුදලක් අපිට පරිත්‍යාග කරන්න. ඔයා Online Order කරන්න භාවිත කරන Debit\Credit කාඩ් එකෙන්, එහෙමත් නැත්තම් PayPal එකෙන් වගේම Crypto-Currency වලින් උනත් එවන්න පුළුවන්. 😊 ඒකට කරන්න තියෙන්නේ මේ "Buy me a Coffee" Link එක හරි Menu bar එකේ තියෙන Donation button එක හරි ඔබලා ඊට පස්සේ පරිත්‍යාග කරන්න කැමති ගාණ ‌ඩොලර් වලින් තෝරලා ඊළඟ පිටුවට ගිහින් Debit\Credit කාඩ් එකේ හරි PayPal එකේ හරි විස්තර දීලා ‌ගෙවීම කරන්න පුළුවන්. අවශ්‍ය නම් පියවර ටික වගේම තවත් විස්තර Donation පිටුවේ දාලා තියෙනවා.

පුංචි ඉල්ලීමක්, මේ විදියට ඔයාලට රසවිඳින්න උපසිරසි හදලා දෙනනේක වෙනුවෙන් උඩ කියලා තියෙන විදියට අපිට Donation කරන්න බැරි උනත් ඔයාට පුළුවන් Download Button එකට උඩින් තියෙන ඇඩ් එකක් කලික් කරලා මට උදව්වක් කරන්නත්. (ඇඩ් එක කලික් කරා කියලා ඔයාට කිසිම හානියක් වෙන්නේ නෑ. ඇඩ් එක ටිකක් ලෝඩ් වෙන්න දීලා බැක් වෙන්න.😊 එතකොට ඒ ඇඩ් එක දාපු අයගෙන් මට සත ගාණක් එකතු වෙනවා.) 

ස්තුතියි!





Post a Comment

7 Comments

  1. අනිත් ඒවත් දාන්න... වැඩි වැඩියෙන් හරියන්න ඔනේ සබ් දුන්නට

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි..! 😊 පුළුවන්ඉක්මනට ඉතුරු ටිකත් දාන්නම්.

      Delete
  2. ela sub dunnata anith ewa nane brother

    ReplyDelete
  3. ANe machan ithuru tikatath sub denn please

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම මේ සතියෙ දෙනවා ඊගාව එපියේ Subtitle එක 😉

      Delete